Thursday, 28 March 2024

පරිසර හිතකාමී ප්ලාස්ටික් මිශ්‍රිත තාර භාවිතයෙන් මාර්ග කාපට් කිරීම, හරිත සංවර්ධනයේ නව සංධිස්ථානයක ඇරඹුමක්

Posted On Friday, 27 November 2020 15:12

පරිසර හිතකාමී ප්ලාස්ටික් මිශ්‍රිත තාර භාවිතයෙන් මාර්ග කාපට් කිරීම, හරිත සංවර්ධනයේ නව සංධිස්ථානයක ඇරඹුමක් බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

 

ඒ මහතා මේ බව පැවැසුවේ හෝමාගම මීගොඩ, දාම්පේ බේරුකැටිය මාවත, නවීන තාක්ෂණය ක්‍රමවේදයක් භාවිතා කර නිපදවූ පරිසර හිතකාමී තාර මිශ්‍රණය ප්‍රථම වරට භාවිතා කරමින්, මාර්ග කාපට් කර ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සව අවස්ථාවට එක් වෙමින්ය.

මෙම මිශ්‍රණය භාවිතයේ විශේෂත්වය වන්නේ, පරිසරයට විශාල තර්ජනයක් වන ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදා ගනිමින් එම ප්ලාස්ටික්, තාක්ෂණික ක්‍රියාවලියකට ලක්කර, තාර අඩු ප්‍රතිශතයක් එකතු කරමින් නිපදවන “ඇස්ෆෝල්ට් තාර” මාර්ග කාපට් කිරීම සඳහා එක්කර තිබීමයි. බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ මගපෙන්වීම අනුව AGC Innovate පුද්ගලික සමාගම විසින් නිපදවා ඇති නව නිෂ්පාදනය භාවිතා කිරීමේ ව්‍යාපෘතිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරයි.

මෙහිදී මෙම නව නිෂ්පාදනයේ දේශීය අවශ්‍යතාව සහ වටිනාකම පිළිබඳ පෙන්වා දෙමින් සිය අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ, අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාශයට අනුව රට දැන් ගමන් කරන බවත් ශ්‍රී ලංකාව තුල මෙවැනි නව නිපයුම් නිමයීම වේගවත් වියයුතු අතරම 4% ව සිටින මෙරට ව්‍යවසායකයින් ප්‍රමාණය තවත් ඉහළ නැංවිය යුතු බවයි.

මෙවැනි නිෂ්පාදන තුලින් විදේශ විනිමය පිටරටට ගලායාම පාලනය වන බවත් අපනයන ඉහළ නංවා රට තුලට ගලාඑන විදේශ විනිමය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර රජය සිදුකරන බවත් එතුමා පැවසීය.

මෙම අවස්ථාවේ දී බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, AGC Innovate පුද්ගලික සමාගම සහ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමකට එලඹීම ද සිදු විය. බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපතිවරයා, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපතිවරයා සහ එහි නිලධාරීන් පිරිසක් සහ Innovate පුද්ගලික සමාගමේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ