Thursday, 25 April 2024

කොළඹ නගරයේ කරන ලද අහඹු පරීක්ෂණවලින් කොරෝනා රෝගීන් 937ක් හදුනා ගනී

Posted On Tuesday, 27 October 2020 11:19
කොළඹ නගරයේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පුද්ගලයන් 937 දෙනෙකු කොරෝනා ආසාදිත යයි සොයා ගෙන ඇත. නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරන්නේ මෙම ආසාදිතයන් ප්‍රමාණය සොයා ගත්තේ පුද්ගලයන් 5367 දෙනෙකුට පරීක්ෂණ සිදු කිරීමෙන් බවයි. මෙය කොළඹ නගරයෙන් හමුවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ද ඔහු සඳහන් කළේ ය.