Saturday, 31 October 2020

අධිකරණ අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට

Posted On Wednesday, 14 October 2020 16:14

කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් මහ ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණිමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනය On Line ක්‍රමයට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 

මෙහි සදහන් සබැදිය (LINK) https://bit.ly/3lIBFgp වෙත පිවිස ලියා පදිංචි වී පවතින ගැටලු ඉදිරිපත් කළ යුතු අතර අධිකරණ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moj.gov.lk වෙත
පිවිසීමෙන් ද අදාළ සබැදිය වෙත පිවිසීමේ හැකියාව තිබේ. සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනයට අදාළව අමාත්‍යතුමාට ඉදිරිපත් කිරීමට ඇති ගැටලු ඉරිදා දින පස්වරු 6 වන විට ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යාංශය දන්වා සිටියි.