Friday, 19 April 2024

2020 විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ලොව බලගතුම විදේශ ගමන් බලපත්‍රය බවට නවසීලන්තය​​ පත් වෙද්දී ශ්‍රී ලංකාව සඳහා හිමි වන ස්ථාන මෙන්න​.

Posted On Tuesday, 13 October 2020 05:10

2020 කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ සියලුම රටවලට පෙර නොවී විරූ වසරක් බවට පත්ව ඇත. සංචාරක සීමා කිරීම් සහ දේශසීමා වසා දැමීම් හේතුවෙන් ජාත්‍යන්තර සංචලතාවයට සැලකිය යුතු බලපෑමක් ඇති වී තිබේ. කෙසේ වෙතත්, නවසීලන්ත විදේශ ගමන් බලපත්‍රය දැන් ලෝකයේ බලවත්ම විදේශ ගමන් බලපත්‍රය බවට විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගතකිරීම් වලට අනුව පෙනී යයි.

වීසා රහිත ලෝක සංචාර ප්‍රමාණය මත පදනම්ව විදේශ ගමන් බලපත්‍ර දර්ශකය විසින් විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කරයි. එය රටවල් 193 ක ගමන් බලපත්‍ර සංසන්දනය කරයි. විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව, වර්තමාන ශ්‍රේණිගත කිරීම පහත පරිදි වේ:

  1. 01 New Zealand (129)
  2. 02 Australia, Germany, Austria, Luxembourg, Switzerland, Ireland, South Korea, Japan (128)
  3. 03 Sweden, Belgium, France, Finland, Italy, Spain (127)
  4. 04 Netherlands, Denmark, Portugal, Lithuania, Norway, Iceland, UK, Canada (126)
  5. 05 Malta, Slovenia, Latvia (125)
  6. 06 Czech Republic, Estonia, Greece, Poland, Hungary, Liechtenstein (124)
  7. 07 Slovakia (123)
  8. 08 Cyprus, Croatia, Monaco (121)
  9. 09 Romania, Bulgaria (120)
  10. 10 San Marino, Andorra, Uruguay (115)

නවසීලන්ත විදේශ ගමන් බලපත්‍රය මගින් පුරවැසියන්ට වීසා රහිත රටවල් 86 ක් සහ පැමිණීමේදී(on arrival)රටවල් 43 ක් වෙත ගමන් කළ හැකිය.

නවසීලන්තයෙන් පසුව, ඕස්ට්‍රේලියාවේ විදේශ ගමන් බලපත්‍රය ජර්මනිය, ඔස්ට්‍රියාව, ලක්සම්බර්ග්, ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, දකුණු කොරියාව සහ ජපානය සමඟ දෙවන ස්ථානයට පත්ව ඇත. 

මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව 178 වන ස්ථානයේ පසුවන අතර පුරවැසියන්ට වීසා බලපත්‍රයක් නොමැතිව රටවල් 45කට සහ පැමිණීමේදී රටවල්32කට ගමන් කළ හැකිය.