Saturday, 20 April 2024

තම තමන් පෞද්ගලික වශයෙන් වෛරසය පතුරවන්නේ නැතිව කටයුතු කිරීමට වගබලාගැනීම රටේ සෑම පුරවැසියෙකුගේම වගකීමක්

Posted On Monday, 12 October 2020 15:59

මේ දින වල පැතිරෙන කොවිඩ් වෛරස ප්‍රභේදය ඉතාමත් ඉක්මණින් සහ ලෙහෙසියෙන් කෙනෙකුට බෝ විය හැකි බවත් තම තමන් පෞද්ගලික වශයෙන් වෛරසය පතුරවන්නේ නැතිව කටයුතු කිරීමට වගබලාගැනීම මේ රටේ සෑම පුරවැසියෙකුගේම වගකීමක් වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

 

ඔහු මේ බව පැවසුවේ අද (12) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී කොවිඩ් පිළිබදව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙම කොවිඩ් වෛරස් ප්‍රභේදය වේගයෙන් ආසාදනය විය හැකි අතරම මෙම වෛරසය පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණය අභිබවා ගොස් වැඩි වෛරස් ප්‍රමාණයක් ශරීරගත විය හැකි බවද ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙය තීරණාත්මක අවස්ථාවක් බැවින් ජනතාව දිගින් දිගටම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කළ යුතු බවයි.

ඒමෙන්ම කොවිඩ් 19 රෝගය ඉතාම දරුණු ව්‍යසනයක්ව ඉතාමත් දියුණු රට වලද පාලනය කරගත නොහැකි සමයක අප රට රෝගය සමාජගත වීම පාලනය කරගෙන ඉතාමත් හොදින් පසුගිය කාලය පුරා කටයුතු කළ බව වෛද්‍ය ජයරැවන් බණ්ඩාර මහතා සිහිපත් කළේය.

කොවිඩ් වෛරසයේ ස්වභාවය අනූව ඒයට ඉතාමත් ඉක්මණින් මිනිසුන් අතර පැතිරිය හැකි අතර, ඒලෙස අවදානමක් ඇති වුවද, ඉතා හොදින් වෛරසය පාලනය කරමින් ඒම අභියෝගයට සාර්ථකව මුහුණදෙමින් සිටි අවදියක මිනුවන්ගොඩ සිද්ධිය මතුවී අලුත් කොවිඩ් පොකුරක් නිර්මාණය වීම සිදුවූ බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිහිපත් කළේය.

ඔහු පවසන ආකාරයට මෙහිදී කොවිඩ් පොකුරක් යනුවෙන් හදුන්වන්නේ තවමත් පුද්ගලයෙකු ආසාදිත වුවහොත් ඒ් ආසාදිත පුද්ගලයාට කොවිඩ් පැමිණියේ කාගෙන්ද සහ ඒ් ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයන් සොයා ගොස් රෝගය කොතැනට ගොස් ඇතිදැයි කීමට හැකියාවක් පවතින බැවිනි. ඒම නිසා තවමත් ලංකාව තුළ කොවිඩ් ආසාදනය හොදින් කළමනාකරණය කරගත හැකි මට්ටමක පවතින අතරම, තම තමන් පෞද්ගලික වශයෙන් වෛරසය පතුරවන්නේ නැතිව කටයුතු කිරීමට වගබලාගැනීම මේ රටේ සෑම පුරවැසියෙකුගේම වගකීමක්ද වෙයි. පෞද්ගලිකව තම තමන් දැඩි අවදානයෙන් සහ දැඩි කැපවී‌මෙන් කටයුතු කිරීමෙන් මෙම කොවිඩ් පොකුර කළමනාකරණය කරගත හැකි බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විශේෂයෙන් අවදාරණය කළේය.

සෞඛ්‍යාරක්ෂිත ්‍රම ඉතාමත් හොදින් අනුගමනය කළ නිසා මැතිවරණ සමයේ ඉතා හොදින් කොවිඩ් පාලනය කරගත හැකි වූ සේම මැතිවරණය නිසා කොවිඩ් සෑදීමක්ද සිදුනොවූ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. ඔහු පවසන පරිදි කොවිඩ් පැතිරීම වැළැක්වීමට අනුගමනය කළ යුතු ප්‍රධාන සෞඛ්‍ය පුරුදු 04කි. ඒනම්, මුහුණ කට නාසය ඇල්ලීමෙන් වැළකීම, නිරන්තරයෙන් දෑත් සෝදා පිරිසිදු කරගැනීම, මුඛ ආවරණ පැළදීම, මීටරේ දුර පවත්වා ගැනීම ආදියයි. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අනූව ලෝකයේ බොහෝ විට කොවිඩ් පාලනය කරගත නොහැකි වුණේ නිවැරදි ක්‍රමවේද වලට අනුගත වන සංයමයකින් යුතු ජනතාවක් නොමැති රටවලයි. ඔවුන් ඒක් ඒක් අයිතිවාසිකම් කියමින් මුඛ ආවරණ පැළදීම ප්‍රතික්ෂේප කරමින් ජනතා ඒ්කරාශීවීම් සිදුකළහ. නමුත් අප රටේ ජනතාව ඉතා හොදින් මිනිසුන් විසින් කළමනාකරණය වන ක්‍රමවේදයක් පසුගිය කාලය පුරාම සිදුවිය.

1308ක් මේ වන විට රෝගීන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර දැඩිසත්කාර ඒ්කක වල කිසිවෙකු ප්‍රතිකාර නොලබයි.අයි ඩී ඒච් රෝහල ඇතුළුව රෝහල් 17ක් පමණ කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති අතර ඉදිරියේදී අවශ්‍ය වුවහොත් මෙම ප්‍රමාණය විශාල වශයෙන් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටම් වලින් වැඩිකරගැනීමේ පහසුකම්ද සෞඛ්‍ය අංශ සතුව පවතී. ඊයේ දිනය තුළ පී සී ආර් පරීක්ෂණ 6482ක් සිදුකළ අතර අවශ්‍යතාවය මත මේ ප්‍රමාණයද වැඩිකිරීමේ හැකියාවක් පවතින බවත්, අද දින වෛද්‍ය පර්යේෂණ ආයතනයට අලුත් පී සී ආර් පරීක්ෂණ යන්ත්‍ර 02ක් ලැබුණු අතර ඉදිරි සතියේදී තවත් පී සී ආර් පරීක්ෂණ යන්ත්‍ර ලැබීමට නියමිත බවද වෛද්‍ය ජයරුවන් මහතා පැවසුවේය. දැනට පවතින දත්ත අනූව තවමත් රෝගය පැතිරෙන මූලාශ්‍ර සොයාගෙන ඇති අතර මිනුවන්ගොඩ පොකුරෙන් පිට රෝගීන් වාර්තා වී නොමැති බවත්, රෝගය සදහා ඖෂධයක් තවම සොයාගෙන නැති බැවින් පොදුවේ ලබාදෙන ඖෂධයක් නොමැති අතර ඒක් ඒක් රෝගීන්ගේ සංකූලතා හුනාගෙනඒ්වාට ගැලපෙන පරිදි විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඖෂධ ලබාදෙන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ දින වල ව්‍යාප්ත වන කොවිඩ් රෝගයේ නවතම තත්ත්වය අද උදේ 09 වන විට ලැබී ඇති දත්ත අනූව රෝගීන් ගණන 6428ක්ද, දැනට රෝහල්ගතව සිටින්නන් 1308ක්ද පසුගිය පැය 24 තැළ සිදුකළ පී සී ආර් පරීක්ෂණ 6482ක්ද වෙයි. දිගින් දිගටම පී සී ආර් පරීක්ෂණ සිදුකරමින් රෝගීන් හදුනාගෙන රෝහල්ගත කරන අතරම අවශ්‍ය පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙතද යොමු කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා මාධ්‍ය හමුව තුළදී පැවසුවේය.