Tuesday, 23 April 2024

සිසුන්ට විභාග මධ්‍යස්ථාන කරා යාමට විෂබිජාණුහරණය කරන ලද බස්රථ ලබා දීම සදහා වැඩපිළිවෙලක් - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

Posted On Friday, 09 October 2020 09:49

සිසුන්ට විභාග මධ්‍යස්ථාන කරා යාමට විෂබිජාණුහරණය කරන ලද බස්රථ ලබා දීම සදහා වැඩපිළිවෙලක් - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

 

විභාගයට පැමිණෙන සිසුන්ට කිසිඳු ගැටලුවකින් තොරව විභාග මධ්‍යස්ථාන කරා යාමට විෂබිජාණුහරණය කරන ලද බස්රථ ලබා දීම සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කටයුතු කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ඒ.එච්.පණ්ඩුක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී කියා සිටියේය.

නිරෝධායන ඇදිරිනීතිය පවතින ප්‍රදේශ වල සිටින එහෙත් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වල තම විභාග කටයුතු කරන දරුවන් වෙනුවෙන් මෙලෙස බස්රථ විශේෂ වැඩපිළිවෙලකට අනුව ධාවනය කෙරෙන අතර එකී බස් රථ දරුවන්ගේ විභාගය ආරම්භ කිරීමට පැයකට පෙර විභාග ශාලාව වෙත යා හැකි වන පරිදි ධාවනය කෙරෙන බවත්, මෙම බස්රථ සියල්ල විෂබීජහරණයකට ලක් කරන බවත්, දරුවන් සියල්ල මුඛ ආවරණ සහිතව බස්රථ වල ගමන් කළ යුතු වන අතර සෞඛ්‍යාරක්ෂිත පියවරයන් අනුගමනය කළ යුතු වන බවත් මෙහි දී කියා සිටියේය.

එමෙන්ම, තෝරාගත් නගර වල සිට කොළඹ බලා එන ගම්පහ, නිට්ටඹුව, කිරිඳිවැල දිවුලපිටිය, ජාඇල යන ප්‍රදේශවල බස්නැවතුම්පොලවලින් පෙරවරුවේ විභාගය පැවැත්වෙන සිසුන්ට පෙරවරු 6.00 වන විට කොළඹ බලා පිටත් වීමටත්, දහවල් කාලයේ විභාගය පැවැත්වෙන සිසුන්ට 11.30 වන විට කොළඹ බලා පිටත්විමටත් සාමාන්‍ය ගාස්තු සහිතව බස්රථ යෙදවෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.