Thursday, 25 April 2024

''සැමට විශ්‍රාම'' යෝජනාවලිය හඳුන්වා දෙයි

Posted On Thursday, 08 October 2020 11:08

ජාතික විශ්‍රාමික දින සැමරුම 2020 ට සමගාමීව ''සැමට විශ්‍රාම'' යෝජනාවලිය හඳුන්වාදෙනු ලැබීය.

 

ජාතික විශ්‍රාමික දින සැමරුම 2020 ට සමගාමීව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අර්ධශත සංවත්සර සැමරුම වෙනුවෙන් සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී මෙම යෝජනාවලිය සමාජ ගත කළේ ය.

ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ වැඩසටහන ලෙස රාජ්‍ය සේවක ප්‍රජාව වෙත පමණක් නොව විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ රටේ වැඩකරන සියලු ජනතාව වෙත හිමිගැන්වීම සඳහා වන සැමට විශ්‍රාම යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙම හඳුන්වාදීම සිදු කළේ ය.

සැමට විශ්‍රාම යෝජනාවලියට අයත් සිව් වැදෑරුම් යෝජනා වන්නේ;
01- රජ්‍ය හා පෞද්ගලික දෙයංශයට පවත්නා විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම
02- පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම
03- රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප් ක්‍රමය සුරක්ෂිත කිරීම
04- විශ්‍රාම වැටුප් ක්‍රමයකින් ආවරණය නොවන සියලු දෙනාට විශ්‍රාම වැටුප් ප්‍රතිලාභයක් ලැබෙන බවට තහවුරු කිරීම

මේ අනුව සියලු ජනතාවගේ අඳහස් ඊමේල් ඔස්සේ ලබාගැනීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.ඒ අනුව මෙම යෝජනා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර ඇති අතර මේ සම්බන්ධ යෝජනා හා අඳහස් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත යොමු කරන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම සැමරුම් අවස්ථාවට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා,ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී.ඩයස් මහතා,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.