Friday, 19 April 2024

නිවාඩු ගොස් සිටි සේවකයින් 04කට කොවිඩ්

Posted On Monday, 05 October 2020 16:21

දිවුලපිටියේ කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ Brandix ආයතනයේ සේවය කළ සේවකයින් 04කට කොවිඩ් 19 ආසාදනය වී තිබෙන බව තහවුරු වෙයි.

 

ඔවුන් සියලු දෙනා නිවාඩු ගොස් සිටි අය වෙයි. සිදු කළ පී සී ආර් පරීක්ෂණ මඟින් මේ බව තහවුරු වී තිබේ. මොණරාගල මැදගම 01ක්,කුරුණෑගල කටුපොත දෙකක්(02) ,යාපනයේ වේලනෙයි ප්‍රදේශයෙන් 01ක් මෙලෙස ආසාදිතයින් ලෙස වාර්තා වී තිබේ. මේ අතර Brandix ආයතනයේ සේවකයින් 05 කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන තිබේ ඒ අනුව මේ දක්වා 81ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත