Thursday, 25 April 2024

ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 6610ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින අතර 38,359 නිරෝධායනය අවසන්කර නිවෙස් වෙත

Posted On Monday, 07 September 2020 10:11

ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 6000 කට වැඩි පිරිසක්
තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත
මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මධ්‍යස්ථාන 63ක දී පුද්ගලයින් 6,610 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව එම මධ්‍යස්ථානය පැවසුවේය.

‍එමෙන්ම පුද්ගලයින් 38,359 දෙනෙකු මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.

මේ අතර කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්යගස්ථානයට අදාළව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 14 දෙනෙකු පමණක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

එහි වෛරසයට ලක්වූ 626 දෙනෙකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.