Saturday, 20 April 2024

තද සුළං සමඟ මුහුද රළු වෙයි

Posted On Monday, 10 August 2020 10:10

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 දක්වා වැඩි වීමේ ඉහළ හැකියාවක් පවතින අතර මෙම මුහුදු ප්‍රදේශ ද රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

අද දින (10) පෙ.ව. 08.30ට තද සුළං සහ රළු මුහුදු පිළිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව පැවසුවේය. මෙම නිවේදනය හෙට (11) වනදා පෙ.ව. 08.30 දක්වා වළංගු වන බවද එහි සදහන් වෙයි.

ඒ අනූව දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතින අතර විටින් විට මුහුද රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියි. බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මීටර් 2.0 – 2.5 ක් පමණ (මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යනු ඇත.