Friday, 19 April 2024

සෞඛ්‍ය නිර්දේශවලට අනුව 09 වැනි පාර්ලිමේන්තුව රැස්කිරීමට සියල්ල සූදානම්

Posted On Monday, 10 August 2020 10:08

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශයන්ට අනුව 9 වන පාර්ලිමේන්තුව රැස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සකස්කර ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

 

මාධ්‍යවෙත ප්‍රකාශයක් සිදු කරමින් නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මේ බව කීය.

ඒ අනුව පක්ෂ හා මන්ත්‍රීවරු ලියාපදිංචි කිරීමට කැඳවීමක් සිදු නොකරන බවත් සියලු ලියාපදිංචි කිරීම් ඔන් ලයින් ක්‍රමයට සිදු කරන බවත් කිය.

පර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ දී ආණ්ඩු පක්ෂයේ අසුන් 150ක් පමණ වන බැවින් පාර්ලිමේන්තුවේ එක් පැත්තක අසුන් 116ක් පමණක් පවතින බැවින් අනෙකුත් අසුන් ගැන්වීම එක් කණ්ඩායමක් ලෙස විපක්ෂයේ කොටසක පිළියෙල කිරීමට සිදුවන බවද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කීය.

එමෙන් ම සභාගර්භයේ දී මන්ත්‍රීවරු මුඛ ආවරණ පැළද සිටිය යුතු බවත් සභාව ඇමතීමේ දී අනිවාර්යෙන් ම මුඛ ආවරණ පැළදිය යුතු බවත් වේත්‍රධාරීවරයා සඳහන් කළේ ය.