Thursday, 18 April 2024

දිවයින පුරා තෝරාගත් රෝහල්වල හෙද හෙදියන්ට විශේෂ පුහුණුවක්

Posted On Monday, 10 August 2020 10:05

බෝ නොවන රෝග වලක්වාගැනීම පිළිබද මහජනතාව සවිබල ගැන්වීමටත් , බෝ නොවන රෝග වලින් පීඩා විඳින්නන්ට රෝගය පාලනය පිළිබඳ දැනුම ලබා දෙමින් ඔවුන්ගේ ජීවිතය සතුටින් ගත කිරීමට අවශ්‍ය මග පෙන්වීම ලබාදීමට දිවයින පුරා තෝරාගත් රෝහල්වල හෙද හෙදියන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි.

 

ඒ අනුව පළමු හෙඳ කණ්ඩායම වෙනුවෙන් දින 05 ක නේවාසික පුහුණු සැසිය අද (10) පෙරවරු 09.00ට මොරටුව ,සර්වෝදය මූලස්ථානයේදී ඇරඹේ.

බෝ නොවන රෝග වලක්වාගැනීම පිළිබද මහජනතාව සවිබල ගැන්වීමටත් , බෝ නොවන රෝග වලින් පීඩා විඳින්නන්ට ප්‍රතිකාර දෙමින් ඔවුන්ගේ ජීවිතය සතුටින් ගත කිරීමට අවශ්‍ය මග පෙන්වීම දිවයින පුරා තෝරාගත් රෝහල්වල හෙද හෙදියන්ට ලබාදීමට විශේෂ පුහුණුවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි. මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණය බඳවාගෙන ඔවුන් ක්ෂේත්‍රයේ බෝ නොවන රෝග වැලැක්වීමේ රාජකාරි වෙනුවෙන් අනුයුක්ත කරන තෙක් ඈතිවී තිබෙන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට මෙම පුහුණු හෙද කාර්ය මණ්ඩලය යෙදවීමට බලාපොරොත්තු වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ රෝහල් 150 කට වැඩි සංඛ්‍යාවක ප්‍රථමයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට අවශ්‍ය පුහුණුව, සන්නිවේදන කුසලතා, සායනික කටයුතු පිලිබද නවීන දැනුම මෙම පුහුණුවේදී ලබාදෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග පිලිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්‍යාලය සමග එක්ව ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.