Thursday, 25 April 2024

මැතිවරණ ප්‍රතිඵල වලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන්

Posted On Thursday, 06 August 2020 16:18

මේ වන විට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනූව ඊයේ (05) පැවති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් ඉදිරියෙන් සිටී.

 

මෙම මැතිවරණයට තරග කළ ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට එකම මන්ත්‍රී කොට්ඨාශයක් හෝ ජයගැනීමට නොහැකි වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගනු ලැබූ සමගි ජන බලවේගය දෙවන තැනට පත්වී ඇති නමුත් ඔවුන්ටද ලබාගත හැකිවී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසන 02ක් හා මාතර දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් පමණි.

ජාතික ජන බලවේගය බොහෝ ආසන වල තුන්වැනි ස්ථානයට පත්වී ඇති නමුත් එම පක්ෂයටද එකම මන්ත්‍රී ආසනයක්වත් හිමිවී නැත. මාතර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ සුනිල් හදුන්හෙට්ටි මහතාටද තේරීපත්වීමට නොහැකි වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල අනූව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 430,334ක් ලබාගෙන මන්ත්‍රීධූර 07ක් හිමිකරගෙන ඇත. ඡන්ද 115456ක් ලබාගත් සමගි ජන බලවේගයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් හිමිවී ඇත්තේ මන්ත්‍රී 02ක් පමණි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 18968ක් ලබාගෙන ඇති නමුත් එකම මන්ත්‍රී ධූරයක් වත් එම පක්ෂයට හිමිවී නැත.

මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල අනූව ඡන්ද 332217ක් හිමිකරගෙන තිබෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී ධූර 02ක් හිමිවී තිබේ. සමගි ජන බලවේගය මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 72740ක් හිමිකරගෙන ඇති අතර එම පක්ෂයට හිමිවී ඇත්තේ මන්ත්‍රීධූරයක් පමණි. එක්සත් ජාතික පක්ෂයට එකම මන්ත්‍රී ධූරයක්වත් හිමිවී නැත.