Thursday, 25 April 2024

දිවයිනේ සියළු ඡන්ද මධ්‍යස්ථානවල විෂබිජහරණ කටයුතු අවසන් කරනවා - මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ ලේකම්

Posted On Tuesday, 04 August 2020 16:56

මෙවර මහා මැතිවරණ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීම සඳහා අද (04) දවස තුළ දිවයිනේ සියලු ඡන්ද මධ්‍යස්ථාන විෂබිජහරණය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය පරීක්ෂක පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහින්ද බාලසුරිය මහතා කියා සිටී.

 

ඒ මහතා මේ බව කියා සිටියේ (04) රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී ය.

එමෙන්ම, ඊයේ (03) දිනයේ දී ද ඡන්ද මධ්‍යස්ථාන විෂබිජහරණය කිරීමට කටයුතු කළ බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, දිවයිනේ අනිකුත් ප්‍රදේශ වලට සාපේක්ෂව ලංකාපුර සහ රාජාංගණය ප්‍රදේශ වල මැතිවරණ රාජකාරි සෞඛ්‍යාරක්ෂිත ව සිදු කරන්නේ ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩි පිරිසක් යෙදවීමට කටයුතු කරන බවයි.