Friday, 19 April 2024

විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මූලස්ථානය හඳුන්වා දෙයි

Posted On Monday, 27 July 2020 15:49

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී ඇතැයි අද (27) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

 

1997 හා 1917 එම දුරකථන අංක දෙක වන අතර පොලිස් මූලස්ථානය විසින් එම අංක දෙක පාලනය කෙරේ.

මහජන සාමයට බාධාවක් විය හැකි ක්‍රියාකාරකම් මහා පරිමාණ දූෂණ, සංවිධානාත්මක අපරාධ කල්ලිවල දූෂණ හා කප්පම් ගැනීම් වැනි තොරතුරු 1997 යන දුරකකථන අංකය ඔස්සේ රහසිගතව ලබා දිය හැකි අතර 1917 යන අංකය ඔස්සේ අපරාධ කල්ලි සාමාජිකයන් හෝ වෙනත් කූඨ ගණුදෙනුකරුවන්ගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හැකියාව පවතී.