Saturday, 20 April 2024

මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම 95%ක් අවසන්- තැපැල්පති

Posted On Monday, 27 July 2020 15:48

මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද (27) වන විට 95% පමණ අවසන් වී පවතින බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත පැවසීය.

 

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජනතාව වෙත පෙදා දීම මෙම මස 29 වන දා අවසන් කිරීමට කටයුතු යොදා ඇත. යම් ලෙසකින් නිල ඡන්ද පත්‍රිකාව නොලැබුණු ඡන්ද දායකයන් හට තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙතින් තම අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත හැකි බව ද රංජිත් මහතා මහජනතාව වෙත මෙහිදී දැනුම් දෙන ලදී.

එසේම රාජාංගනයේ තාවකාලිකව වසා දැමුණු ප්‍රදේශයන්හි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද දින (27) ආරම්භ කළ අතර එහි බෙදා හැරී‍මේ කටයුතු අගෝස්තු මස 02 වන දා අවසන් කිරීමට කටයුතු යොදා ඇති බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.