Thursday, 25 April 2024

කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල්වල ආරක්ෂාව තර කරයි

Posted On Saturday, 25 July 2020 17:02

කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල්වල ආරක්ෂාව තර කිරීමට යුද හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ ය

 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයෙකු පසුගිය දා අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළා යාමේ සිද්ධියත් සමඟ මෙම පියවර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරතිබේ.

මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේ ය.
එහිදී අඳහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“දැනට බොහෝ රෝහල්වල පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් මාර්ගයෙන් තමයි රෝහල් ආරක්ෂා කරල තියෙන්නෙ. ඊට අමතරව එම රෝහල් වලට එම ආරක්ෂක නිලධාරීන් සමඟ සම්බන්ධීකරනය වෙමින්කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාවේ ආරක්ෂාව ලබාදී තිබෙනවා.

ඒ අනුව අයි ඩී එච් රෝහලේ ආරක්ෂක නිලධාරීන් ඒකාබද්ධව ශ්‍රි ලංකා පොලිසිය සහ හමුදාව ඒකාබද්ධ ව නිලධාරීන් 39 දෙනෙකුගේ පමණ ආරක්ෂාව යොදවා තිබෙනවා. ඊට අමතරව වැලිකන්ද රෝහලේ යුද හමුදා නිලධාරීන් සහ පොලිස් නිළධාරීන් ඇතුළුව නිලධාරීන් 48 පමණ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. මුල්ලේරියාව මූලික රෝහලේ ආරක්ෂක නිලධාරීන් සමග ඒකාබද්ධ පොලිස් නිලධාරීන් ආරක්ෂාව යොදවා තිබෙනවා. මීගමුව රෝහලේ පොලිස් නිලධාරීන්ට අමතරව ගුවන් හමුදා නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.” යැයි පැවසීය.