Thursday, 18 April 2024

එළඹෙන දීර්ඝ නිවාඩුවේ ඡන්දය දැමීමට ගම්බිම් කරා යන ජනතාවට ප්‍රවාහන පහසුකම්

Posted On Wednesday, 22 July 2020 15:55

ජූලි මහස 31 වන දින සිට එළඹෙන දිර්ඝ නිවාඩුව සමඟ මහමැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ගම් බිම් කරා ගමන් කරන මඟී ජනතාව වෙනුවෙන් ලංගම, පෞද්ගලික හා දුම්රිය ධාවන වාර වැඩි කිරීමට පියවර ගන්නා බව මඟි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

 

අද (22) ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා පැවසුවේ, ලංගම බස් සේවයේ උපරිම ධාරිතාවයේ තියෙන බස් රථ මේ සඳහා ලබා දෙන බවත්,එමෙන් ම පෞද්ගලික බස් රථ අතිරේකව 600ක පමණ ප්‍රමාණයක් ධාවනවයට එක් කිරිමට සැලසුම් කර ඇති බවත් කීය.

අවශ්‍යතාවය පරිදි ගමන් වාර ගණන වැඩි කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ඇමතිවරයා,මෙය කිසිදු ලාභ අපෙක්ෂාවකින් තොරව සිදු කරන සේවයක් බව ද සඳහන් කළේ ය.

එසේම දුම්රිය වාර ගණන ද වැඩි කිරීමටත් විශේෂයෙන් අනුරාධපුරය,මඩකළපුව,මහනුවර, බදුල්ල,බෙලිඅත්ත දක්වා අතරේක දුම්රිය යෙදවීමට ද බලාපොරොත්තු වන බවද කීය. අවශ්‍ය වුවහොත් අතිරේක දුම්රිය ද ධාවනය කිරිමට ද සැලසුම් කර ඇති බවද ඇමතිවරයා සඳහන් කළේ ය.

එසේම ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ගම්බිම් කරා ගමන් ගන් ජනතාව නැවත රැකියා සඳහා ආපසු පැමිණේමේ දී ද මෙම බස්රථ හා දුම්රිය යෙදවීමට සැලසුම් කර ඇතැයි ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.