Saturday, 20 April 2024

රාජාංගණය සහ වැලිකන්ද යන ප්‍රදේශවලට ඡන්ද පත්‍රිකා බෙදා හැරීම තාවකාලිකව නවත්වයි - සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට පියවර- තැපැල්පති

Posted On Tuesday, 14 July 2020 09:40

රාජාංගණය සහ වැලිකන්ද යන ප්‍රදේශ වලට ඡන්ද පත්‍රිකා බෙදා හැරීම තාවකාලිකව නවතා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (14) රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී කියා සිටියේය.

 

මෙම ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් එම ප්‍රදේශවල දැනට සංචරණ සීමා පැනවීමත් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

නිරෝධායනය වන නිවෙස් වලට ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කොට නොමැති බවත් ඉදිරියේ දී සෞඛ්‍ය අංශවල උපදෙස් මත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට පියවර ගන්නා බවත් ඒ මහතා කියා සිටියේය.

මෙවර 8000 කට ආසන්න සේවක මණ්ඩලයක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට යොදවා ඇති අතර ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ අවසන් දිනය ලබන 29 වන දින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.