Thursday, 28 March 2024

පාසල් විභාග පැවැත්වීමේ දින පිළිබඳව ඉදිරි සතිය තුළ දැනුම් දෙනවා- කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Posted On Thursday, 02 July 2020 10:19

පාසල් විභාග පැවැත්වීමේ දින පිළිබඳව ඉදිරි සතිය තුළ දැනුම් දෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද(02) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිණි.

ඊයේ (01) කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ඒ අනුව දරුවන්ට විභාගයට සූදානම් වීම සඳහා කල් වේලා සහිතව විභාගය පැවැත්වෙන දිනයන් තීරණය කරන බවත් පැවසූ අමාත්‍යවරයා ඒ අනුව ලබන සතියේදී අධ්‍යාපන අමාත්‍යවරයා ඒ පිළිබඳව තීරණයක් ගනු ඇති බවද සඳහන් කළේ ය.

කුඩා දරුවන්ට දීර්ග වේලාවක් මුඛ ආවරණ පැළඳ සිටීම අසීරු බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර ඒ අනුව පෙරපාසල් ,1 සහ 2 ශ්‍රේණිවල දරුවන්ගේ පාසල් අගෝස්තු 10 දින ආරම්භ කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය