Friday, 29 March 2024

අමාරුකාලයේ ජනතාවට පිහිටවූ සුළුවෙළෙන්දාගේ ඉරණම

Posted On Thursday, 18 June 2020 09:30

2020.06.18 Lankadeepa

රට පුරා පොලිස් ඇ`දිරි නීතිය පැනවීය. ජනී ජනයාට එදිනෙදා බඩු භාණ්ඩ මිල දී ගැනීමට නිසි පිලිවෙලක් නොතිබුණි. උවමනා දේ මිල දී ගත්තේ ජංගම ව්‍යාපාරිකයන්ගෙනි. වාහන ශබ්ධයක් ඇසෙන තෙක් මහ පාර දෙස බලාගෙන සිටියහ.



වයිරසය පැතිරීම පාලනය කරගෙන තිබේ. රට තුළ තත්ත්වය ක්‍රමයෙන් සාමාන්‍ය වෙමින් පවතී. තහනම් ඉවත්වන අතර ගමන් බිමන් පහසු වී ඇත. වෙළ`ද සැල් ක්‍රමයෙන් විවෘත වෙයි. සුපුරුදු අලෙවි මධ්‍යස්ථාන නැවතත් කාර්ය බහුලය. නිවෙස අසලට එන විට සාදරයෙන් පිලිගත් සුළු වෙළ`දුන්ගේ ජංගම රථ දැන් එපා වෙන තත්ත්වයකය.

යතුරු පැදියක හෝ තී්‍ර විලර් එකක භාණ්ඩ පටවාගත් මෙම දිරිය මිනිස්සු ගෙයින් ගෙට වෙළ`දාම් කළහ. ඇතැම් ව්‍යවසායකයෝ පවුලේ වෘත්තියක් කරගත්හ. ස්වාමියා වාහනය පදවන අතර බිරි`ද එහි ඇති දේ ගැන හ`ඩ නගා කෑ ගැසීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණි. දෙන දෙයක් වහා මිල දී ගත් පාරිභෝගිකයෝ අතරින් සමහර දෙනෙක් එකී වෙළ`දුන්ට ස්තුති කළහ. ඇතැමෙකුට ඇ`දිරි නීති බලපත්‍ර නැත. සමහර දෙනෙකුට වෙළ`දාම ගැන අවබෝධයක් නැත. පලා මිටියක සිට මස්, මාලූ හෝ බිත්තර දක්වා නිවසකට දෛනිකව අවශ්‍ය හැම දෙයක්ම නොකඩවා සපුරන්නට මෙම අලූත් ව්‍යවසායකයෝ උත්සාහ කළේය. සුපිරි වෙළ`ද සැල්වල බඩු ඛෙදාහැරීම අසමත්ව එම ව්‍යාපාරිකයන්ගේ වෙබ් අඩවිවල කණගාටුව ප්‍රකාශ කරන දැන්වීම් පළ කරද්දී මෙම ජංගම වෙළ`දුන් කි්‍රයාශීලී වූහ.

රට ලිහිල් වන විට නගරයට යන පාරිභෝගිකයෝ බඩු මළු පුරවාගෙන නිවෙසට එති. එන අතරමග මහපාරේ සුපුරුදු ජංගම වෙළෙන්දෝ නතර වී සිටිති. වේගයෙන් යන වාහන ඔවුන් අසල නතර වෙන්නේ නැත. කඩින් කඩ වැටෙන වැසි හා හමා යන දූවිලි අතරින් පසුගිය මාස ගණනක අත්දැකීම් ඔවුහු මෙනෙහි කරනවා විය හැකිය. මහ පාරේ නතර කර ඇති තැනකින් යමක් ගන්නට නැඹුරු වෙන පිරිස බහුල නැත. තවත් සතියක් දෙකක් ගතවීමෙන් පසු නගර සභාව හා ආරක්ෂක අංශ මෙම සුළු වෙළ`දුන්ට මහ පාර තහනම් කරනු නිසැකය. වාහන නතර කරන විට තදබදය ඇතිවන අතර බදු ගෙවන ස්ථීර වෙළ`දුන්, මෙම අලූත් ව්‍යවසායකයන්ට එරෙහි වනනු නිසැකයකය.