Thursday, 18 April 2024

සියලු ජාතික වනෝද්‍යාන අද සිට ජනතාව වෙනුවෙන් විවෘතයි

Posted On Monday, 15 June 2020 16:43

වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලු ජාතික වනෝද්‍යාන අද සිට ජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්. පී. සී. සූරියබණ්ඩාර මහතා පවසයි.



දීවා කළ සංචාර වනජීවී උද්‍යානවල සිදු කිරීම සඳහා යාල,විල්පත්තුව,උඩවලව ,මින්නේරිය,කවුඩුල්ල,හෝටන් තැන්න සහ පරවි දූපත යන ජාතික උද්‍යානවල පහසුකම් සපයනු ලබයි. ඉන් අනතුරුව ක්‍රමයේ සියලු ජාතික උද්‍යාන සහ සංචාරක පහසුකම් නැවත වරක් ජනතාවට විවෘත කිරීමට සැලසුම් කොට ඇතැයි ද සූරිය බණ්ඩාර මහතා පැවසීය.

මෙහිදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කිරීමට කටයුතු කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය