Friday, 29 March 2024

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල හතරවෙනි වසරේ අවසන් විභාග 22 වනදා සිට ඇරඹේ

Posted On Saturday, 13 June 2020 17:12

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල වල හතරවෙනි වසරේ අවසන් විභාග මේ මස 22 වනදා සිට ඇරඹෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටී.



අද (13) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය කෝවිඩ් 19 වසංගතයෙන් පසු යළි ආරම්භ කිරීම පිළිබද කරුණු දැක්වීමේ මාධ්‍ය හමුවේ දී සම්පත් අමරතුංග මහතා මේ බව පැවසීය

කෝවිඩ් 19 වසංගතය රට තුළ පැතිරයාමත් සමග මාර්තු 13 වනදා විශ්වවිද්‍යාල වැසීමට පියවර ගත් අතර ඉන් පසු අන්තර්ජාලය ඔස්සේ හැකි පමණ විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදුන් බව සම්පත් අමරතුංග මහතා කියා සිටියා.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, මින් පෙර දැනුම්දුන් පරිදි වෛද්‍ය පීඨ වල අවසන් වසර විභාග ලබන සදුදා ඒනම් ජූනි 15 වනදා ආරම්භ වන අතර මේ වන විට දරුවන් නේවාසිකාගාර වෙත පැමිණෙමින් පවතින බවයි. මහාචාර්යවරයා පවසන පරිදි සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් වලට අනුකූලව ඒම නීති රීති රෙගුලාසි අකුරටම ක්‍රියාත්මක කරමින් විශ්ව විද්‍යාල යළි ඇරඹීමට සියල්ලක්ම සූදානම්ව ඇත.

විහ්ව විද්‍යාල වල උපකුළපතිවරුන් සහ පීඨාධිපතිවරුන් ඒම කටයුත්ත මනාව කළමනාකරණය කරගෙන යමින් සිටියි. දැන් ඒළඹ සිටින්නේ වෛද්‍ය පීඨ වලින් ඔබ්බට ගොස් අනෙකුත් පීඨ ආරම්භ කිරීමයි. මෙහිදී ප්‍රධානම ස්ථානය හිමිවන්නේ අනෙකුත් සියලුම පීථ වල දරුවන්ගේ අවසන් වසර විභාග සම්බන්ධයෙන්.. ඒම නිසා දිවයිනේ සියලුම විශ්හ විද්‍යාල වල හතර වෙනි වසරේ අවසන් විභාග මෙම මස 22 වනදා සිට ආරම්භ කර අගෝස්තු 15 වනදා වනවිට සියලුම හතරවෙනි වසරේ සිසුන්ගේ විභාග අවසන් කිරීමට සියලුම විශ්ව විද්‍යාල වලට බලය පවරා තිබෙනවා.

සමහර විශ්ව විද්‍යාල ගත් විට උදාහරණයක් වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය, අධ්‍යාපන පීඨය, නීති පීඨ්‍ය සහ විද්‍යා පීඨය අවසන් වසර සිසුන් සදහා ආරම්භ වනුයේ මේ මස 29 වෙනිදායි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨය මේ මස 28 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. මෙලෙස විවිධ විශ්ව විද්‍යාල වල විවිධ පීඨ මෙම මස 22 වනදා සිට අවසන් වසර සිසුන්ගේ විභාග සදහා ආරම්භ කර අගෝස්තු මස 15 වන විට සියලුම විභාග අවසන් කිරීමටද බලාපොරොත්තු වෙනවා.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හතරවෙනි වසර විභාග සදහා අගෝස්තු මාසයේ ආරම්භ කර අගෝස්තු 15 වන විට සියලු විභාග නිම කිරීමට නියමිතයි. මෙහිදී විශේෂයෙන්ම උපකුලපතිවරුන් සමග සාකච්ඡාවට ලක්වූයේ හතර වෙනි අවුරුද්දේ දරුවන් සිටින සංඛ්‍යාව, හතරවෙනි අවුරුද්දේ විභාග පැවැත්විය යුතු ප්‍රමාණය, නේවාසිකාගාර වල ඉඩකඩ ප්‍රමාණය ආදිය පිළිබදවයි. ඒම සාකච්ඡා වලින් අනතුරුව හතරවෙනි වසරේ විභාග පැවැත්වීමේදී නේවාසිකාගාරයක ඒක කාමරයක ඒක දරුවෙක් බැගින් සිටින ආකාරයට පහසුකම් සැලසීමට ඒකග විය. ඒ් අනූව මෙලෙස විභාග සදහා විශ්ව විද්‍යාල ඇරඹීමේදී පියවර කිහිපයක් ගැනීමට තීරණය විය.

ඒම පියවර මෙසේයි. සියලුම වෛද්‍ය පීඨ තමන්ගේ අවසන් වසරේ වෛද්‍ය උපාධි පරීක්ෂණ 2020/06/15 වන දින සිට ඇරඹෙනු ඇත. අනෙතුක් පීඨයන්හි ශිෂ්‍ය කණ්ඩායම් වල ජ්‍යේෂ්ඨත්වයට ප්‍රමුඛත්වය දෙමින් 2020/06/22 වන දින සිට විභාග ආරම්භ වෙයි. ආසන පැනවීම, ලිඛිත විභාග පැවැත්වීම සහ ප්‍රායෝගික පර්යේෂණ පැවැත්වෙන අවස්ථාවන් හිදී සහභාගී කරගන්නා සිසුන් සංඛ්‍යාව තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලවයි. ඒම කාලසීමාව තුළ සිසුන් විශ්ව විද්‍යාල කරා පැමිණීමේදී හැකිතාක් දුරට තම නිවාස වල සිට පැමිණීම පිළිබදව සිසුන් දැනුවත් කිරීමට විශ්ව විද්‍යාල වල උපකුළපතිවරුන් ට උපදෙස් ලබාදී තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු මේ වසරේ නේවාසිකාගාර පහසුකම් සැලසීමේදී ඒක් සිසුවෙකුට ඒක් කාමරයක් බැගින් හිමි වෙනවා.

නැවත දැනුම් දෙන තුරු සියලුම සිසුන් රාත්‍රී 7න් පසු විහ්ව විද්‍යාල පරිශ්‍රයේ සැරිසැරීමට හැකියාවක් නැහැ. ඔවුන් අදාල නේවාසිකාගාර වෙත යා යුතුයි. පශ්චාත් උපාධි පර්යේෂණ සිසුන් සෞඛ්‍ය මාර්ගෝපදේශන අනූව තම අධ්‍යයන කටයුතු පවත්වාගෙන යා හැකියි. නැවත දැනුම්දෙන තුරු විශ්ව විද්‍යාලය තුළ හෝ පිට කවර ආකාරයේ හෝ ඒක් රැස්වීම් පැවැත්වීමට නොහැකියි. නැවත දැනුම් දෙන තුරු කිසිදු ආකාරයේ විනෝදාත්මක හෝ ක්‍රීඩා කටයුතු සදහාද අවසර දෙනු නොලැබේ. ඒමෙන්ම සියලුම පරිපාලන නිලධාරීන් ලබන සදුදා සිට තම සේවා ස්ථානයට වාර්තා කල යුතුයි.

මෙම මාධ්‍ය හමුව සදහා උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාද සහභාගී විය.