Wednesday, 24 April 2024

සයිප්‍රස් රාජ්‍යයේ ගුවන් ගමන් තහනම ඉවත් කීරීමෙන් පසුව රැකියා නියුක්තිකයන්ට එරටට ඇතුළත්වීමට අවසර

Posted On Thursday, 21 May 2020 17:09

කොවිඩ් වෛරසය හේතුවෙන් සයිප්‍රස් රාජ්‍යයේ ගුවන්ගමන් තහනම් කීරීමට පෙර කෙටි හා වාර්ශික නිවාඩු ලබා එරටින් බැහැරව ගොස් සිටින විදේශ රැකියා නියුක්තිකයන්ට, දැනට බලපැවැත්වෙන ගුවන් ගමන් තහනම ඉවත් කීරීමෙන් පසුව එරටට ඇතුළත්වීමට අවසර ලබාදී තිබේ. මේ සඳහා ප්‍රකාශිත සහනදායී කොන්දේසි මත එරට පැමීනීමට අවස්ථාව උදා වේ. මේ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ටද මෙම අවස්ථාව හිමි වී තිබේ.



එම කොන්දේසි අතර, සයිප්‍රස් සේවය කීරීම සඳහා වලංගු වැඩ බලපත්‍රයක් ( Work Permit) සහිත ශ්‍රමිකයින්, තමන් ලබාගත් මාස තුනක නිවාඩුව අවසන් වන දිනය 2020 මාර්තු මස 15 න් පසු දිනයක් වේනම් කිසිදු බාධාවකින් තොරව යලි සයිප්‍රස්හි රැකියාවට යාමට හැකියාව ඇත.

එසේම 2020 ජනවාරි මස 01 වෙනිදාට පසුව සයිප්‍රසයෙන් බැහැරව ගොස් සිටින, තමන්ගේ වැඩකිරීමේ බලපත්‍රෙය් වලංගු කාලය 2020 මාර්තු 15 න් පසුව කල් ඉකුත් වී ඇති අවස්ථාවක හා එම වැඩ කීරීමේ බලපත්‍රය “ Final – Not Renewable ” ඝනයට අයත් නොවේනම් සයිප්‍රසයට ඇතුල්වීමේ බලපත්‍රයක් ඉල්ලුම කීරීම මගින් නැවත එරට රැකියාවට යාමට අවස්ථාව හිමිවේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ සයිප්‍රස් නිර්වේතනික කොස්සල් කාර්යාලය සමඟ සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

මේ වනවිට සයිප්‍රසයේ ශ්‍රී ලාංකිකයන් පමණ සේවය කරමින් සිටිති.

වැඩි විස්තර සඳහා සයිප්‍රස් කොන්සල් ජනරාල් කාර්යාලයේ 00357 22550030 ඇමතීමෙන් ලබාගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.