Friday, 19 April 2024

කුඩා දරුවන්ට අන්තර්ජාලය භාවිතා කිරීමට ඉඩදීමේදී ඒ පිළිබදව අවධානය යොමු කිරීමට දෙමාපියන් කටයුතු කරන්න

Posted On Friday, 01 May 2020 16:17

දෙමව්පියන් විසින් මේ දිනවල අන්තර්ජාලය හරහා දරුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමු කිරීමට උනන්දු වීම හේතුවෙන් බොහෝමයක් දරුවන් මෙය අවස්ථාවක් කරගනිමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ අනිසි ලෙස හැසිරීමට කටයුතු කරන බවක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගොස් ඇති බව කියයි.



විශේෂයෙන්ම දෙමව්පියන් තුළ තාක්ෂණය සහ අන්තර්ජාලය පිළිබදව ඇති අනවබෝධය නිසා කුඩා ළමුන් අන්තර්ජාලය තුළ සිදුකරන්නේ මොනවාදැයි කියා නිසි සොයාබැලීමක් සිදු නොකරන නිසා කුඩා ළමුන් ඉතා පහසුවෙන් සයිබර් අපරාධ කරුවන්ගේ ගොදුරක් බවට පත්විය හැකිය. තවද කුඩා ළමුන් ඔවුන්ගේ නොදැනුවත් භාවය මත අන්තර්ජාලයට සහ සමාජ මාධ්‍ය වෙත එක්කරනු ලබන විවිධ වීඩියෝපට සහ විවිධ අන්තර්ගතයන් වෙනත් ළමුන් විසින් අනුකරණය කිරීමේ ඉහළ හැකියාවක් තිබෙන අතර මේ දිනවල එවැනි ආකාරයේ වීඩියෝපට කිහිපයක් සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා ඉතා වේගයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර සංසරණය වේ.

 මෙම තත්වය පිළිබදව අවධානය යොමු කිරීමට කටයුතු කරනා ලෙස කාන්තා හා ළමා කාර්යංශයෙන් ඉල්ලා සිටින අතර කුඩා දරුවන් අන්තර්ජාලය භාවිතා කරමින් සිදුකරන්නේ මොනවාදැයි කියා නිරන්තරයෙන් සොයාබැලීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දෙමව්පියන්ට දැනුම් දෙමු.

 

 

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්