Thursday, 28 March 2024

COVID–19 වෛරසය අසාදිත වෙනත් රෝගීන් සිටින්නේ ද යන්න සෙවීමට පරීක්ෂණ සංඛ්‍යාත්මකව වැඩි කිරීමට පියවර

Posted On Sunday, 05 April 2020 06:13

COVID – 19 වෛරසය අසාදිත වෙනත් රෝගීන් සිටින්නේ ද යන්න සෙවීම සඳහා පරීක්ෂණ සංඛ්‍යාත්මක ව තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ඊයේ (04) පැවසීය.



හඳුනාගෙන ඇති ප්‍රදේශ වලින් එලෙස නියැඳි මඟින්තෝරාගත් පරීක්ෂණයට භාජනය කරන ලද පුද්ගලයින්ගෙන් සිදු කරන ලද පරීක්ෂණ මත මෙලෙස වෛරස අසාදිත පුද්ගලයින් පිළිබඳව අනාවරණය වන බවත්, (03)වැනි දින රාත්‍රිය වන විට හඳුනාගත් අයවලුන් අතරින් තිදෙනකු යාපනයෙන් සහ එක් අයෙකු පුත්තලමෙන් වන බවත් සඳහන් කළේ ය.

එම රෝගීන් දෙහිවල ප්‍රදේශයෙන්,පන්නිපිටිය ප්‍රදේශයෙන් එක් අයෙක්, දකුණු කොරියාවේ දිට පැමිණි එක් අයෙක්,බේරුවල ප්‍රදේශයෙන් එක ගර්භණි කාන්තාවක් මෙන්ම, (04) දින සිදු  කරන ලදනියැඳි පරීක්ෂාවෙන් තිදෙනෙකු සහ අකුරණ ප්‍රදේශයෙන් 02ක් සහ පුත්තලමප්‍රදේශයෙන් 01 අයෙකු ලෙසත් හඳුනාගැනීමට හැකිව තිබේ.

බේරුවල ප්‍රදේශයේ සැකකාර ගර්භණී කාන්තාව සම්බන්ධයෙන් එම රෝහලේ හෙඳනිළධාරිණිය ඉතා දක්ෂ ලෙස රෝහල් කාර්යය මණ්ඩලය ආරක්ෂා කර ගනිමින් අවශ්‍ය පියවර ගෙන කටයුතු කර ඇති අතර මේ වන විට එම මව සහ නාගොඩ රෝහලේප්‍රතිකාර ලබයි.

මේ අවස්ථාව වන විට රෝගීන් 273 ක් සැකකටයුතු COVID – 19 රෝගීන් ලෙස රෝහල්පද්ධතිය තුළ ප්‍රතිකාර ගනු ලබන අතර වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 44 වියැති තවත් COVID – 19 රෝගියෙකු අවාසනාවන්තලෙස මිය ගිය බවත්, එම පුද්ගලයාට වෙනත් කිසිඳු රෝගයක් නොමැති ව සිටි අයෙකුබවත් මෙහි දී  අනිල් ජාසිංහ මහතා නිවේදනය කර සිටියේය.

මෙම රෝගය පුද්ගලයින් හට දරුණු ලෙස ක්‍රියා කරනු ලබන හෙයින් රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග වලට අවනතව කටයුතු කිරීමත්, යම් කිසි රෝගී තත්ත්වයක් ඇතිනම් එය වසං නොකර නිසි පරිදි රෝහල්ගතව ප්‍රතිකාර ගැනීම වැදගත් වන බවත්, එමඟින් රෝගය උත්සන්න නොවී සුව කර ගැනීමට හැකි වන බවත් තවදුරටත් සඳහන් කර සිටි.