Friday, 19 April 2024

ඔබට රෝග ලක්ෂණ තිබෙනවා නම් 1390 අමතන්න- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Posted On Sunday, 05 April 2020 06:09

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සැක කෙරෙන රෝග ලක්ෂණ ඔබට පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා 1390 හඳිසි දුරකතන සේවය ආරම්භ කර තිබෙන බවත් එම අංක අමතා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටියි.



මේ අනුව මේ පුද්ගලයන්ට නිවසේ සිටම රෝහල් වෙත යෑමට 1990 ගිලන් රථ සේවයේ පහසුකම් ද ලබාගත හැකි බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.

ඉදිරි කාලසීමාව තීරණාත්මක වන බව කී වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, මේ වනවිට 166ක් ආසදිතයින් වාර්තා වී තිබෙන බව පැවසීය.