Friday, 19 April 2024

ඇදිරි නීතිය යළි ක්‍රියාත්මක වෙයි

Posted On Tuesday, 24 March 2020 16:47

මාර්තු (24) උදේ 6.00ට ඉවත් කළ කොළඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිළිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක ඇදිරි නීතිය ප.ව. 2.00ට යළි ක්‍රියාත්මක විය.



ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව පාරිභෝගික ජනතාව සිය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට එක් රැස් වන ආකාරය දක්නට ලැබුණි. රජය සහ සෞඛ්‍ය අංශ විසින් ඇදිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේ ය.

කෙසේ වෙතත්, දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ.

ඒ අනුඅව කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සළකන විට කොළඹ, ගම්පහ,කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. මින් ඉදිරියට අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.