Thursday, 25 April 2024

කොරෝනා වැළඳුනු ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට හමුවෙයි

Posted On Wednesday, 11 March 2020 06:59

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ.



IDH රෝහලට ඇතුලත් කළ ශ්‍රී ලාංකිකයෙකුට නව කොරෝනා කොවිඩ් 19 වෛරසය වැළඳී තිබෙන බව තහවුරු වී තිබේ. 52 හැවිරිදි එම පුද්ගලයා ඉතාලි සංචාරකයින් කණ්ඩායමකට මඟ පෙන්වන්නෙකු ලෙස සේවය කර ඇති අයෙකු බවත්, මේ වන විට ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බව IDH උණ රෝහල තහවුරු කරයි.

පළමු කොරෝනා රෝගියා ලෙස හමු වූ චීන ජාතික කාන්තාව පසුගිය දිනෙක සුවය ලබා දිවයිනෙන් පිටව ගිය අතර මොහු ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හමු වූ දෙවන කොරෝනා රෝගියා වේ.