Tuesday, 16 April 2024

වන්දනා කටයුතු සඳහා ඉන්දියාවට යන වන්දනා නඩ තාවකාලිකව නැවැත්වීමට දන්වයි

Posted On Tuesday, 10 March 2020 06:50

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම කරුණු පවසන ලද්දේ  (09) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



“අද දින අප විසින් තීරණය කරනු ලැබුවා ඉන්දියාවට යන වන්දනා නඩ තාවකාලිකව නැවැත්වීම සදහා. බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙත අද දින මේ දැනුම් දීම කරනු ලැබුවා.
නැවත දන්වන තුරු වන්දනා නඩ යැවීම මේ අනුව නවත්වනු ලැබුවා. මේ තීරණ ගැනීමට හේතු පාදක වන්නේ ඉන්දියාව තුල වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් සිටිමත්, ලෝක සෞඛ්‍ය
සංවිධානය විසින් දැනුම් දී ඇති පරිදි ඉන්දියාවේ මේ සුළු සංඛ්‍යාව තුල රෝගීන් සම්ප්‍රේෂණය වීමෙි තත්ත්වය ඇතිවීමත් නිසා. වන්දනා නඩ සදහා වයස 60-70 වැඩි පිරිස් වැඩි වශයෙන් සහභාගි
වනවා ඔවුන් කායික වශයෙන් දුර්වලයි, විවිධ රෝග තිබෙනවා, දැනට ලෝකය තුල වන අත්දෑකීම තමයි මෙම වෛරසය වැළැදුන පිරිසෙන් සියයට 80 ක් පමණ වයස් ගත සහ විවිධ රෝගී
ත්ත්වයන් තිබෙන පුද්ගලයින් වීම.”

එමෙන්ම මේ දක්වා සිදු කළ පරිදි අනෙක් රටවලින් පැමිණෙන සියලුම මගීන් දින 14 ක පසුවිපරම තවදුරටත් ක්‍රියාත්මක වනවා. අද වන විට 3900 ක් වැනි පිරිසක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ
සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධීක්ෂනයෙන් පසුවිපරමට ලක්වෙනවා. විදෙස් රටවල සිට පැමිණි පිරිස් වෙතින් ඉල්ලා සිටිනවා දින 14 ක කාලයක් නිවෙස් තුලම රැදී සිටන ලෙස. විවිධ
උත්සව, සංචාර සදහා නොගොස් දින 14 නිවෙස් වල රැදී සිටින්න. මේ කාලය තුල විදෙස් සංචාර හැකි තරම් අඩු කරන්න.” යනුවෙන් වැඩිදුරටත් පැවැසීය.