Thursday, 28 March 2024

කොළඹ ජනගහනයෙන් දහසකට 9 දෙනෙක් ආඝාත රෝගීන්- සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය

Posted On Thursday, 06 February 2020 09:35

කොළඹ ජනගහනයෙන් දහසකට නව දෙනෙක් අඝාත රෝගින් වන අතර ලක්ෂ දෙකකට වැඩි අඝාත රෝගින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ දැනට සිටින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පවසයි.



බෝ නොවන රෝගයක් වන අඝාතය ලොව පුරා සිදුවන මරණ වලට සහ අබාධිත බවට තුඩුදෙන තුන්වැනි හේතුව ලෙස සළකන බවද එම රෝගය වළක්මා ගැනීමට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමේ වැදගත්කම පිළිබඳව විශේෂ වැඩසටහන් රැසක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්ම කොට තිබෙන බවද ඒ මහතා සඳහන් කරයි.