Tuesday, 16 April 2024

චීනයේ වූහාන් හී සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වෛරසය අසාදනය වී නැහැ

Posted On Friday, 24 January 2020 09:21

වැඩිදුර අධ්‍යාපනය සහ රැකියා සඳහා චීනයේ වූහාන් වෙත පිටත් ව ගොස් ඇති කිසිඳු ශ්‍රී ලාංකිකයෙකු ට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් රුවන්ති දෙල්පිටිය මහත්මිය කියා සිටී.



ඒ මහත්මිය මේ බව කියා සිටියේ, බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය මේවන විට චීනයේ වුහාන් වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය ගෙන ඇති පියවරයන් පිළිබඳව කළ විමසීමක දී ය.

වුහාන් ප්‍රදේශයේ 85 ත් 100 ත් අතර පිරිසක් සිටින බවත්, ඉන් බොහෝ පිරිසක් නිවාඩුවට දිවයිනට පැමිණීම නිසා දැනට එම ප්‍රදේශයේ සිටින්නේ 25 ත් 30 ත් අතර පමණක පිරිසක් බවත්, එහි වෙසෙන එකඳු ශ්‍රී ලාංකිකයෙකුට වත් මෙම වෛරසය අසාදනය නොමැති බවත් සඳහන් කළ ඒ මහත්මිය තවදුරටත් කියා සිටියේ, නිරන්තරයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වා ගනිමින් තිබෙන බවත්, ඔවුන් පිළිබඳ ව නිරන්තර විමසුම් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධව සිදු කරන බවත්, හදිසි අවස්ථාවක් උද්ගතවුවහොත් එකී ශ්‍රී ලාංකිකයින් මෙරටට හැකි ඉක්මණින් ගෙන්වා ගැනීම සඳහා දැනටමත් කටයුතු සියල්ල
සුදානම් කර අවසන් ඇති බවත්ය.