Thursday, 25 April 2024

කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට(18) පෙරවරු 09.00සිට පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර

Posted On Friday, 17 January 2020 08:17

හෙට(18) පෙරවරු 09.00සිට පැය 22ක කාලයක් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.



අඹතලේ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුතු හේතුවෙන් හෙට පෙරවරු 09.00 සිට ඉරිදා පෙරවරු 07.00 දක්වා ජල සැපයුම අත්හිටුවීම සිදුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශ කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට සහ රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස යන  ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.