Saturday, 25 January 2020

සංවර්ධන නිලධාරින් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති හිමිවරුන් ගුරුසේවයේ පිහිටුවීමට යයි

Posted On Monday, 13 January 2020 09:59

සංවර්ධන නිලධාරින් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති හිමිවරුන්ට ගුරු සේවයේ පිහිටුවීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.



අගමැතිවරයා මේ බව පැවසුවේ, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලැබූ ශාස්ත්‍රපති පුජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම උත්සවයකට සහභාගි වු අවස්ථාවේදීය.

විශේෂයෙන් හිමිවරුන්ට සුදුසු වන්නේ,පාසල් ගුරුවරුන් ලෙසින් දරුවන් යහ මඟ යැවීම බවත්,ඒ සඳහා සටයුතු කිරිමට මේ වන විට කැබිනට් මණ්ඩලය තීරණයක් ද ගෙන ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.