Friday, 19 April 2024

චීන සහ රුසියන් විදේශ අමාත්‍යවරු හා ඇමරිකානු ලේකම්වරියක් හෙට දිවයිනට

Posted On Saturday, 11 January 2020 16:39

චීනය සහ රුසියාවේ විදේශ ඇමතිවරු සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ රාජ්‍ය තානත්‍රික නිලධාරිනියක් දෙදින නිල සංචාරයක් සඳහා හෙට (12) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ සබඳතා අමාත්‍යංශය කියයි.



මෙසේ පැමිණෙන්නේ චීන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු ඇමති වන්ග් යී,රුසියානු විදේශ කටයුතු ඇමති සර්ජි ලැව්රොච් යන මහත්වරුන් හා ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියා අංශයේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස්.ජී.වේල්ස් මහත්මියයි.

චීන විදේශ කටයුතු ඇමති වන්ග් යී මහතා හෙට( 12 )සහ අනිද්දා ( 14) දිනවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අගමැති මහින්ද රජපක්ෂ , විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ,එම අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරුන් හා ඉහළ නිලධාරින් සමග සාකච්ඡා පවත්වනු ඇත.

රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොඩ් මහාද හෙට සහ අනිද්දා දිනවල ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයින් හා ඉහළ පෙළේ නිලධාරින් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වීමටද නියමිත බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.

මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියානු අංශයේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී.වෙල්ස් මහත්මියද 12-13 දිනවල මෙරටට පැමිණ ජනාධිපති,අගමැති හා විදේශ සබඳතා ඇමති ඇතුළු නිලධාරින් සමග සාකච්ඡා පවත්වන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරු හා සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවීමටද නියමිත බව තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.