Thursday, 25 April 2024

බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවීමට රජය පියවර ගනී

Posted On Monday, 06 January 2020 09:25

වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවීමට රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. මෙම අත්හිටුවීම ජනවාරි මස 15 වනදා සිට ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා පවසයි.



ඉදිරියේදී රටකජු සහ බඩඉරිඟු ගොවීන්ගේ අස්වනු වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත බැවින් දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.