Friday, 19 April 2024

2019 අ.පො.ස. (සා.පෙළ) ඇගයීම් මධ්‍යස්ථාන වන පාසල් හැර - 2020 පළමු පාසල් වාරය අද ඇරඹේ

Posted On Thursday, 02 January 2020 05:14

සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2020 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා (අද ) ආරම්භ වේ.



2019 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පළමුඅදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල් 84න්ඇමුණුම 01 හි සඳහන් පාසල් 47 ක් පමණක් සම්පූර්ණයෙන් වසා 2019.12.26 සිට 2020.01.04 දක්වා ඇගයීම් කටයුතු සිදුකර පළමු පාසල් වාරය සඳහා 2020.01.06 සඳුදා දින විවෘත කරනු ලැබේ.

ඇමුණුම 02 හි සඳහන් අනෙකුත් පාසල් 37 හි කොටසක් වසා ඇගයීම් කටයුතු සිදු කරනු ලබන අතර මෙම පාසල්, පළමු පාසල් වාරය සඳහා 2020 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා විවෘත කරනු ලැබේ.