Thursday, 25 April 2024

ජනවාරි 01 සිට සියලු බදු සහන ක්‍රියාත්මකයි- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Posted On Tuesday, 31 December 2019 09:43

රජය විසින් මිට පෙර ලබා දෙන බව සඳහන් කළ සියලු බදු සහන හෙට එනම් ජනවාරි 01 දින සිට ලබා දෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (31) රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දිය.


මේ යටතේ, ආර්ථික සේවා ගාස්තු,බැංකු හා මූල්‍ය ආයතවල හර බද්ද,කොටස් වෙළඳ පොළේ ලාභ මත අය කරන ප්‍රාග්ධන බදු,උපයන විට ගෙවන බදු ,පොලී මත අයකරන රැඳවුම් බදු ,ණය සේවා බදු,ඉදිකිරීම් ආදායම් බදු සියයට 28 සිට 14ට කපා  හැරීම, ස්හාධිපත්‍ය හා මහල් නිවාස වලින් අයකරන වැට් බදු,ආගමික ස්ථාන මත අයකරන සියලු බදු,විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා අයකළ බදු,විදුලි සංදේශ ගාස්තු 25%කින් අඩුවෙයි,වැවිලි කර්මාන්තයෙන් උපයන සියලු ආදායම් බද්දෙන් නිදහස් කර තිබේ.