Friday, 29 March 2024

නත්තල් දා සුරාසල් වැසේ

Posted On Friday, 20 December 2019 08:55

දෙසැම්බර් 25 වැනි දිනට යෙදී ඇති නත්තල් දිනය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වසා තබන ලෙස නියෝග කොට ඇතැයි සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

නත්තල් දිනයේ මත්පැන්හල් වසා දමන්නැයි කතෝලික සභාවේ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ද ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී ඉල්ලා තිබුණි. මේ අතර දෙසැම්බර් 25 වැනි දා සහ ආසන්න කාල සිමාව තුළ දී කොන්දේසි කඩන සුරාබදු බලපත්‍ර ධාරීන්ට එරෙහිව නිත්‍යනුකූල පියවර ගැනීමටත් සියලු සුරාබදු නිළධාරීන්ට උපදෙස් දී ඇතැයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් හා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.