Tuesday, 23 April 2024

සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉදිරියේ දී අඩු කරනවා - බේකරි හිමියන්ගේ සංගමය

Posted On Tuesday, 17 December 2019 06:52

තිරිඟු පිටි ආනයනය කර තරඟකාරී මිලට ඒවා බෙදාහැරීමට ඕනෑම අයෙකුට අවසර දීමට රජය ගත් එඩිතර තීරණය නිසා පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදන ඉදිරියේ දී ඉතා අඩුමිලකට ලබා දිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සභාපති එන්.කේ,ජයවර්ධන මහතා කියා සිටී.

මෙපමණ කලක් ලංකාවේ හදන පිටි වැඩි මිලට ගත් බවත් ලෝක වෙළඳපොළේ පිටි මිල අඩු අවස්ථාවකවත් ඒ සහනය ලැබුණේ නෑ. දැ පිටි ගෙන ඒමට හැකි නිසා තරඟයක් ඇති වෙලා, පාන් ඇතුළු සියලු නිෂ්පාදන ඉතා අඩු මිලට ලබාදෙන්නට අවස්ථාවක් ඉදිරියේ දී උදා වෙයි කියලා සිතනවා යැයි ද එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.