Friday, 19 April 2024

හෙට සිට තරමක වැසි වැඩිවීමක්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Monday, 16 December 2019 06:19

දෙසැම්බර් මස 17 දින සිට දිවයින පුරා, විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



උතුරු, නැගෙනහිර, උතුරු මැදසහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.සබරගමුව, බස්නාහිර සහමධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව.2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දකුණු පළාතේත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.