Thursday, 18 April 2024

තරුණ තරුණියන් 100,000 කට රැකියා අවස්ථා

Posted On Friday, 13 December 2019 05:13

බහු කාර්යය සංවර්ධන කාර්යය සාධක බලකායක් පිහිටුවාලීම සඳහා ජාන්ධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.



අඩු අදායම් ලාභී පවුල් වල අඩු අධ්‍යාපනික සුදුසුකම් සහිත තරුණ තරුණියන් 100,000 කට රැකියා අවස්ථා සැලසීමට හැකිවන පරිදි බහුකාර්යය සංවර්ධන කර්යය්සාධක බලකායක්, රජයේ දෙපාර්තමේන්තුවක් වශයෙන් ස්ථාපිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

සමාජයේ අඩු අදායම් ලාභී කණ්ඩායම් කෙරහි අවධානය යොමු කිරීමකින් තොරව දේශපාලන හා වෙනත් අනුග්‍රහයන් මත රැකියා අවස්ථා සඳහා පුද්ගලයින් බඳවා ගනුලබන බවත්, රජයේ සහ රජයට අනුබද්ධිත ආයතන වල නුපුහුණු රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් පවතින බවත්, ජනාධිපතිතුමා විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම යෝජනාව සිදු කර ඇත.

ඒ අනුව, මෙම බලකාය සඳහා වන බඳවාගැනීම් විනිවිදභාවයකින් යුතුව දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමටත්, 2020 ජනවාරි මස 15 වන දින වන විට එකී දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු ඇරඹීමටත් සැළසුම් කර ඇත.

එමෙන්ම, පිරිවැය අඩු කරගැනීමේ පදනමින් එකී බලකායේ සේවාවන් රජයට, රජයේ අනුබද්ධ ආයතනවලට සහ පෞද්ගලික අංශයට ලබාගත හැකිවනු ඇති බව ද මෙහි දී අමාත්‍ය මණ්ඩලය විසින් සැළකිල්ලට ගෙන ඇත.