Thursday, 28 March 2024

මැතිවරණවල දී අනවශ්‍ය ලෙස අපේක්ෂකයන් ඉදිරිපත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය

Posted On Tuesday, 10 December 2019 05:55

සියලු මැතිවරණවල දී අනවශ්‍ය ලෙස අපේක්ෂකයන් ඉදිරිපත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිසම සාකච්ඡා කරමින් සිටින අතර පාර්ලිමේන්තුව විසින් ඊට අදාළ නීති සකස් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීය.



තවද මැතිවරණවල දී අනෙකුත් පුද්ගලයින්ට සහාය දැක්වීම සඳහා අපේක්ෂකයින් ඉදරිපත්වීම වැලැක්වීමට පියවර ගත යුතු බවත් මැතිවරණ කොමිසම විසින් තීරණය කර ඇති බවත් එම කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

එහෙත් අපේක්ෂකයන්ගේ ඇප මුදල් කොපමණ ප්‍රමාණයකින් වැඩි කළ යුතුද යන්න පිළිබද මැතිවරණ කොමිසම තවම තීරණය කර නොමැති බවත් ඒ පිළිබදව සාකච්ඡා වෙමින් පවතින බවද මෙහදී සදහන් කෙරිණි.