Thursday, 25 April 2024

පාසල් සිසුන්ට නිල ඇඳුම් වවුචර් පත් ලබන වසර මුල - උසස් පෙළ සිසුන්ගේ ප්‍රතිපාදන ඉහළට

Posted On Thursday, 05 December 2019 08:49

පාසල් සිසුන්ට සඳහා නිල ඇඳුම් වවුචරපත් ලබන පාසල් වාරය ආරම්භයේ දී ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර උසස් පෙළ පන්තිවල සිසුන්ට ලබාදෙන වවුචරපත්වල මුදල වැඩි කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.



රජය මෙම තිරණය ගෙන ඇත්තේ, උසස් පෙළ සිසුන් සඳහා වන නිල ඇඳුම් වවුචර් වලට ගෙවන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව පෙනී ගිය නිසා බව රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවැති කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරන ලදී.

තවද වවුචර් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදිමට තමා අදහස් කළ නමුත් ඒ සඳහා රෙදි මිල දී ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම නිසා ලබන වසරට ද වවුචර්පත් ලබා දෙන බව ද ඒ මහතා සදහන් කළේය.