Tuesday, 16 April 2024

දෙසැම්බර් 08 වන දින රියදුරන් සඳහා විශේෂ අක්‍ෂි සායනයක්

Posted On Tuesday, 03 December 2019 09:25

2019 ලෝක දියවැඩියා දිනයට සමගාමීව රියදුරුන් අතර සිටින දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් හඳුනාගැනීමත් සහ ඔවුන්ගේ අක්‍ෂි සංකූලතා හඳුනා ගැනීමත් 2019.12.08 වන ඉරිදා පෙ.ව. 07.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්වේ.



රියදුරු ක්ෂේත්‍රයේ නිරතවන සෑම රියදුරු මහතෙක්හටම මෙම නොමිලේ සිදු කරන සායනයට සහභාගී වී ඇස් වල පවතින සංකූලතා කල් ඇතිව පරික්ෂා කර අවශ්‍ය ප්‍රතිකාර වලට යොමුවන ලෙස අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මි කුමාරතිලක මහත්මිය පවසා සිටී. එමෙන්ම, එදිනට පැමිණෙන සියලුම පුද්ගලයින් බෙහෙත් දැමීමට කල් වේලා ඇති ව සුදානම් ව පැමිණෙන ලෙසත් දන්වා සිටි.