Saturday, 20 April 2024

සාපෙළ විභාගය කාල සීමාව තුළ ඇතිවිය හැකි බාධා වැළැක්වීමට විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙලක්

Posted On Monday, 02 December 2019 06:43

අ.පො.ස. සා.පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.



ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ආපදා නිසා ඇතිවිය හැකි බාධා අවම කරගැනීමට අවශ්‍ය සැළසුම් සකස් කර ඇත.

යම් ආපදාවතත්වයක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වී ඇති නම් ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ අධ්‍යක්ෂ හදිසි මෙහෙයුම් ( 0773 957 903) අධ්‍යක්ෂ පෙරසුදානම්, (0773 957 898) හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුර්ව දැනුම්දීම් (0772 320 530) අමතන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

එසේම සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ක්‍රියාත්මක ජාතික හදිසි මෙහෙයුම් ඒකක අංක 0702 117117, 0113 668 032, 0113 668 028, 0113 668 0289, 0113 668 030 යන දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.