Friday, 29 March 2024

ආපදාවට පත්ව ඇති සිසුන්ට ළඟම විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටිය හැකියි

Posted On Sunday, 01 December 2019 09:35

ආපදාවට පත්ව ඇති සිසුන්ට ළඟම විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල්තුමා පවසයි.

මෙවර අ.පො.ස.  සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරින් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව ඇති සිසුන්ට අවශ්‍යනම් තමන්ට ළඟම විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.