Thursday, 25 April 2024

අයහපත් කාලගුණික තත්වය නිසා ඇතිවිය හැකි හානි අවම කරගැනීමට කාලගුණික නිවේදනට ඔබගේ අවධානය යොමු කරන්න

Posted On Sunday, 01 December 2019 09:32

අයහපත් කාලගුණික තත්වය නිසා ඇතිවිය හැකි හානි අවම කරගැනීමට කාලගුණික නිවේදන පිළිබදව ඔබගේ අවධානය යොමු කරන්න

උතුර, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100-150 පමණ තද වර්ෂාපතනයන් ඇතිවිය හැක. (විශේෂයෙන්ම යාපනය, කිලිනොච්චි, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවර-එළිය, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල) සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී 75-100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේම කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැක. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මි. 20-40 පමණ වන අතර කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා ගාල්ල දක්වා මුහුඳු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මි. 50 දක්වා ඉහල ඉහල යාමට හැකියාවක් පවතින අතර දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව තවදුරටත් නිවේදනයේ සදහන් වේ.

පසුගිය පැය විසි හතරක කාලය සලකාබලන විය අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ජල මිනුම් ස්ථානයේ අවධානම් මට්ටමේ පවතී. මා ඔයේ ජල මට්ටම බඩල්ගම ප්‍රදේශයේ දී අවදානම් මටට්මක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.