Thursday, 25 April 2024

උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථාතත්වයට - දුම්රිය පාලක මැදිරිය

Posted On Friday, 29 November 2019 04:19

අද (29) උදෑසන  සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය සිදුකෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.



යාපනයේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ යාල්දේවි දුම්රිය ගල්ගමුව සහ අඹන්පොළ අතරතුරදී පසුගියදා පීලිපැනීමට ලක් වීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩාල වී පැවතුණි.

අද උදෑසන කොළඹ සිට දුම්රිය පිටත්වන අතර අදාළ ප්‍රදේශයට දුම්රිය ළඟාවනවිට නඩත්තු කටයුතු අවසන් කළ හැකි වන බව දැනුම් දී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.