Wednesday, 24 April 2024

ජනපති පළමු නිල විදෙස් සංචාරය අරඹයි

Posted On Thursday, 28 November 2019 05:41

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයට පත්වීමෙන් අනතුරුව සිදු කරන පළමු නිල සංචාරය සඳහා ඉන්දියාව බලා අද (28) පිටත්වීමට නියමිතය.



ජනාධිපතිවරයා දෙදින ඉන්දීය නිල සංචාරයේ නියැලෙන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ලැබුණු ආරාධනයක් මතය.
ගෝඨාභය රජපක්ෂ මහත ජනාධිපති ධුරයට පත් වූ විගස ඉන්දීය අගමැතිවරයා සිය සුබපැතුම් එක්කරමින් මෙම ආරාධනාව සිදු කර තිබුණි.

මෙම සංචාරයට ජනාධිපති ලේකම්, පී.බී.ජයසුන්දර,විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ,මහා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්ටිගල මහතා,ජනපති උපදේශක, ලලිත් වීරතුංග මහතා , ජනපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩර මහතා එක්වෙති.